ලංකා සතොස ජාලය හරහා පාරිභෝගික ජනතාව වෙත දැනට ලබා දෙන සේවාවන් තවදුරටත් ශක්තිමත් කරමින් ඉහළ ගුණාත්මකභාවයකින් පවත්වාගෙන යාම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්කයෙන් මෙම ප්‍රගති නිරීක්ෂණ වැඩසටහන ආරම්භ කර ඇත.එහි මුල් පියවර ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි සතොස ශාඛා 15 හි කටයුතු සහ පාරිභෝගික අදහස් විමසීම සිදු කළ අතර, ඉදිරියේදී දිවයින පුරා පිහිටි සතොස ශාඛා නිරීක්ෂණය කිරීමට සැලසුම් කර තිබේ.



























