2011 වර්ෂයේදී මානව හිමිකම් ක්රියාකාරීන් වන ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන අය අතුරුදන් වීමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම පෙබරවාරි 12 වනදා දක්වා කල් තැබීමට යාපනය මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.මෙම නඩුවට අදාළව හිටපු ජනාධිපතිවරයා අද (27) දෙවන දිනටත් කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ යාපනය මහේස්ත්රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය.ඔහුගේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව නඩුවේ වැඩිදුර විභාගය පෙබරවාරි 12 වනදා දක්වා කල් තැබූ මහේස්ත්රාත්වරයා, එදිනට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද ගෝඨාභය රාජපක්ෂ මහතාට නියම කළේය.



























