ලෙබනනයේ වත්මන් යුදමය තත්ත්වය සහ ඊශ්‍රායලය විසින් සිදු කරනු ලබන ප්‍රහාර මාලාව හේතුවෙන්, අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ බරපතල අවදානමක් මතුව තිබේ. ඉරාන ජනාධිපති කාර්යාලය පෙන්වා දෙන්නේ, කලාපයේ පවතින මෙම ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් සාම ගිවිසුමේ පැවැත්මට තර්ජනයක් වී ඇති බවයි. අද (21) ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත සාම සාකච්ඡාවලදී මෙම ගිවිසුම උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් සහ කරුණු මතු කිරීමට ඉරානය තීරණය කර ඇත.මේ අතර, පරමාණුක අවි නිෂ්පාදනය සම්බන්ධයෙන් අමෙරිකාව නඟන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් මහතා අවධාරණය කළේ, න්‍යෂ්ටික බෝම්බ නිර්මාණය කිරීමට තම රටට කිසිදු අදහසක් නොමැති බවයි. තම රටේ උත්තරීතර නායකයාගේ ස්ථාවරය අනුගමනය කරමින්, අමෙරිකාවේ පීඩනයන් හමුවේ වුවද සාමකාමී ස්ථාවරයක සිටින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.මධ්‍යම පෙරදිග කලාපයේ උණුසුම් වාතාවරණය සමනය කිරීම සඳහා මෙම සාම සාකච්ඡා තීරණාත්මක වනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රජාව බලාපොරොත්තු වෙයි. කෙසේ වෙතත්, ඉරානය විසින් මෙම සාකච්ඡා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසි සහ කලාපීය යුද ගැටුම්වල බලපෑම හමුවේ ඉදිරි පියවරයන් කෙබඳු වනු ඇත්ද යන්න සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව තිබේ.



























