‘ලොකු පැටී’ ජූනි 12 දක්වා තවදුරටත් රිමාන්ඩ්

​මුදල් විශුද්ධිකරණ පනත යටතේ රුපියල් මිලියන 330ක (තිස්තුන් කෝටියක) මුදලක් තම බැංකු ගිණුමකට බැර කරවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘ලොකු පැටී’ නමැත්තා එළඹෙන ජූනි මස 12 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (29) නියෝග කළේය. නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් අධිකරණය හමුවේ තැබූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය පනවනු ලැබීය.​අද දින මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, ප්‍රධාන සැකකරු වන ‘ලොකු පැටී’ සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ බන්ධනාගාරයේ සිටම අධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙම සිද්ධියටම සම්බන්ධව මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගන්දර දේවාලයේ කපුවා ඇතුළු සෙසු සැකකරුවන් දෙදෙනා පසුගිය නඩු වාරයේදී ඇප මත මුදා හැර තිබූ අතර, නඩුව නැවතත් ලබන 12 වැනිදා කැඳවීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,164

Leave A Reply

Your email address will not be published. Required fields are marked *