ලෝක ජනාවාස දිනයට සමගාමීව ක්‍රියාත්මක වන ජාතික නිවාස ප්‍රදාන වැඩසටහන යටතේ මාතලේ රත්තොට ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවාස 08ක් පසුගියදා ප්‍රතිලාභීන් වෙත නිල වශයෙන් පිරිනමන ලදී. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී දීප්ති වාසලගේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.මෙම නිවාස ගොඩපල, නෙළුවාකන්ද, ගාලේනෙළුව, මාවුස්සාගොල්ල, මුවන්දෙනිය සහ අල්වත්ත යන ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ඉදිකර ඇත. ඩබ්.ඒ. මංජුල සමන්කුමාර, එම්.ජේ.ඒ.එල්. කුමාරි දිල්රුක්ෂි, එච්.එම්. ප්‍රියන්ත හෙන්නායක, එස්.ජී. නන්දනී සුභසිංහ ඇතුළු ප්‍රතිලාභීන් පිරිසක් වෙත මෙම නිවාසවල හිමිකම් පත්‍ර සහ යතුරු ලබා දීම සිදු විය.”තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” මැයෙන් වන ජාතික වැඩසටහන යටතේ 2026 වසර තුළ නව නිවාස 9,700ක් ඉදිවන අතර, එහි පළමු අදියරේ නිවාස 5,000ක් මේ වන විට ජනතා අයිතියට පත් කරමින් පවතී. නිවාස අවශ්‍යතාවලින් පෙළෙන ජනතාවට සුරක්ෂිත තෝතැන්නක් නිර්මාණය කර දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම මෙහි මූලික අරමුණ වී තිබේ.ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණික දායකත්වය සහ සෘජු අධීක්ෂණය මත එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10ක මූල්‍ය ප්‍රතිපාදන මෙහිදී ලබා දී ඇත. නිවසක් තනා දීමට එපිටට ගොස් ගුණාත්මක මෙන්ම තෘප්තිමත් පවුල් සංස්ථාවක් ගොඩනැංවීමට මඟ පෙන්වන මෙම අවස්ථාවට ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.



























