ලෝක ප්රවෘත්ති දිනය සහ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය අදට (28) යෙදී තිබේ. ‘කරුණු දැනගැනීම, ඒවායේ අදාළත්වය වටහා ගැනීම සහ විශ්වසනීය ජනමාධ්‍යයක් තෝරාගැනීම’ යන්න මෙවර ලෝක ප්රවෘත්ති දිනයේ ප්‍රධාන තේමාව වී ඇත.කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කළේ, ඩිජිටල් තාක්ෂණයේ දියුණුවත් සමඟ තොරතුරු ව්‍යාප්තිය වේගවත් වී ඇති පසුබිමක නිවැරදි හා විශ්වසනීය පුවත් තෝරාගැනීම සමාජයට අභියෝගයක් වී ඇති බවයි.සමාජ මාධ්‍ය හරහා සංසරණය වන සන්දර්භයෙන් බාහිර ප්‍රකාශ සහ කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය කරන ව්‍යාජ දත්ත නිසා ග්රාහකයන් නොමඟ යෑමේ අවදානමක් පවතින බවත්, ආචාරධර්මීය සහ විශ්වසනීය මාධ්‍යකරණයක අවශ්‍යතාව මෙවර දැඩි ලෙස ඉස්මතු වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



























