තෙවන එක්දින තරගයෙන් එංගලන්තයට ලකුණු 223ක විශිෂ්ට ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 223ක දැවැන්ත ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (27) සමත් විය. ඒ සමඟම තරග දෙකට එකක් ලෙස එක්දින තරගාවලිය ජය ගැනීමට ද ඔවුන් සමත්විය.​පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 355ක ඉලක්කයක් ලබා දුන් අතර, එහිදී විශිෂ්ට ශතකයක් වාර්තා කළ ටොම් බැන්ටන් ලකුණු 126ක් රැස් කළේය.​පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29.1කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 132ක් පමණි. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 35ක් ලබාගත් අතර, මෙම පරාජයත් සමඟ තරගාවලිය මෙන්ම පන්දුවාර 20 තරගාවලිය ද ශ්‍රී ලංකාවට අහිමි විය.

What's your reaction?

Related Posts

1 of 1,368

Leave A Reply

Your email address will not be published. Required fields are marked *