ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (WBSC) 60 වැනි සංවත්සර සමරු උලෙළ නොවැම්බර් 28 වැනිදා සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම උලෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත.ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කටයුතු සිදු කෙරෙන මෙම සමුළුව සඳහා රටවල් 50කට අධික සංඛ්‍යාවකින් භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා සහ ගිහි නියෝජිතයන් 800කට ආසන්න පිරිසක් එක්වීමට නියමිතය.මීට සමගාමීව මෙරට ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය 5,000කට ආසන්න පිරිසක් ද මෙම ජාත්‍යන්තර ආගමික අවස්ථාවට සහභාගී වීමට නියමිත බව සංවිධායකයෝ පවසති.



























