වනවාසල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයේ යකඩ කොටස් ගලවා ඉවත් කිරීම නිසා සිදු වූ දුම්රිය අනතුරේ සැකකරුවන් දෙදෙනා එළඹෙන මැයි 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. මෙම නියෝගය නිකුත් කෙරුණේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ දුම්රිය මාර්ගයේ යකඩ ගැලවීමේ නිරත වූ ප්‍රධාන සැකකරු සහ එම සොරකම් කරන ලද යකඩ මිලදී ගත් බව කියන අනෙක් පුද්ගලයාය. මින් ප්‍රධාන සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.රාජ්‍ය දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් වන පොදු දේපල පනත යටතේ සහ මගී ජීවිත අනතුරේ හෙළමින් මිනීමැරීමට තැත් කිරීම යන බරපතළ චෝදනා යටතේ මොවුන්ට එරෙහිව නඩු පවරා තිබේ. මෙම අනතුර සහ සොරකම සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු පොලිසිය විසින් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබයි.

























