දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. සෞඛ්‍ය වාර්තාවලට අනුව 2026 වසරේ මේ දක්වා ගතවූ මාස කිහිපය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 28,713 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එම රෝගය වැළඳීමෙන් පුද්ගල මරණ 15ක් ද සිදුවී ඇති බව නිල වශයෙන් තහවුරු කර තිබේ. පවතින වර්ෂාව හේතුවෙන් ඉදිරි දිනවලදී මදුරුවන් බෝවීම තවදුරටත් වේගවත් විය හැකි බැවින් තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශවල දැඩි අවධානය යොමුව ඇත.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය අවධාරණය කළේ, වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා මහජනතාවගේ සෘජු දායකත්වය අත්‍යවශ්‍ය වන බවයි. ඒ අනුව, තමන් පදිංචි නිවාස, ගෙවතු, පාසල් සහ සේවා ස්ථාන අවට පරිසරය නිරන්තර පරීක්ෂාවට ලක් කරමින්, ජලය රැඳෙන ස්ථාන සහ මදුරුවන් බෝවිය හැකි සියලුම පරිශ්‍රයන් වහාම පවිත්‍ර කිරීමට කටයුතු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරයි.

























