පවතින විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ජල ගාස්තුවල සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳ අවසන් තීරණය ජූනි මස 30 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට රජය සූදානම් වෙයි. නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ, වසරකට දෙවරක් ජල බිල සමාලෝචනය කිරීමේ රජයේ නව ප්‍රතිපත්තියට අනුව මෙම පියවර ගන්නා බවයි. ඒ අනුව ඉදිරි මාසයේදී ජල ගාස්තුවල සංශෝධනයක් සිදුවන්නේද යන්න පිළිබඳව මහජනතාවට නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.මෙහිදී ප්‍රධාන වශයෙන්ම ජල සම්පාදන ක්‍රියාවලිය සඳහා වැයවන මෙහෙයුම් පිරිවැය සහ විදුලි බිල ඉහළ යාම නිසා ඇති වී තිබෙන මූල්‍යමය බලපෑම පිළිබඳව දීර්ඝ වශයෙන් විමසා බැලේ. ජූනි මස අවසානයේදී සිදුකිරීමට නියමිත මෙම විද්‍යාත්මක ගණනය කිරීම්වලින් අනතුරුව, පාරිභෝගික ජල බිලට එල්ල වන බලපෑම පිළිබඳව අමාත්‍යවරයා විසින් නිල නිවේදනයක් නිකුත් කරනු ඇත. පවතින ආර්ථික වාතාවරණය තුළ ජල ගාස්තුව සම්බන්ධයෙන් රජය ගන්නා මෙම තීරණය පිළිබඳව බොහෝ දෙනා අවධානයෙන් පසුවෙති.

























