විදුලි රැහැන් අසල සරුංගල් යැවීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

ජාතික පද්ධති ක්‍රියාකරු හෙවත් NSO ආයතනය 220 kV සහ 132 kV අධි වෝල්ටීයතා විදුලි සම්ප්‍රේෂණ රැහැන්, කුළුණු සහ ග්‍රිඩ් උපොළවල් අසල හෝ ඒ යටතේ සරුංගල් යැවීමෙන් වැළකී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෑතකදී සරුංගල් සහ නූල් සම්ප්‍රේෂණ රැහැන්වල පැටලීම හේතුවෙන් රැහැන් කිහිපයක්ම ක්‍රියා විරහිත වූ බව එම ආයතනය පවසනවා.එවැනි අවස්ථාවල විදුලි දෝෂ ඇතිවී සම්ප්‍රේෂණ රැහැන් ස්වයංක්‍රීයව විසන්ධි වීමට ඉඩ ඇති බවත්, පැටලුණු සරුංගල් සහ නූල් ආරක්ෂිතව ඉවත් කිරීමට අතින්ම කටයුතු කිරීමට සිදුවන බවත් NSO සඳහන් කළා. මෙය ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවට සහ ආරක්ෂාවට බරපතල බලපෑම් ඇති කළ හැකි අතර, විදුලි උත්පාදන ඒකක පවා ක්‍රියා විරහිත වීමට හේතු විය හැක.විශේෂයෙන් 2026 සැප්තැම්බර් 02 වැනිදා එවැනි සිදුවීමක් හේතුවෙන් විදුලි පද්ධතියේ ස්ථායිතාවට බාධා ඇති වූ බැවින්, පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා තෝරාගත් බෙදාහැරීමේ රැහැන් වහාම විසන්ධි කිරීමට සිදු වූ බවයි වාර්තා වන්නේ. එමගින් අදාළ රැහැන්වලට සම්බන්ධ පාරිභෝගිකයින්ගේ විදුලිය තාවකාලිකව බිඳ වැටුණා. එම නිසා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අධි වෝල්ටීයතා රැහැන් සහ උපපොළවල් අසල සරුංගල් නොයවා, රටේ විදුලි සැපයුම ආරක්ෂිතව සහ අඛණ්ඩව පවත්වාගැනීමට සහයෝගය දෙන ලෙසයි.

What's your reaction?

Related Posts

1 of 1,314

Leave A Reply

Your email address will not be published. Required fields are marked *