විමල්, උදය සහ දිලිත් ඇතුළු හයදෙනාගේ නඩුවේ තීන්දුව ජනවාරි 12 දිනට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර ඇතුළු හයදෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික නඩු නිමිත්තක් පවතින්නේද යන්න පිළිබඳ තීන්දුව ලබන ජනවාරි 12 වනදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ හරහා අධිකරණයට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.​මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, අසංක නවරත්න, මහින්ද පතිරණ සහ සුගීෂ්වර බණ්ඩාර යන අය නම් කර ඇත.​අභියාචනාධිකරණයේදී පැවති තෙවන දින මූලික කරුණු සලකා බැලීමේදී දෙපාර්ශ්වයම තම වාචික දේශන ඉදිරිපත් කරන ලදී. වාචික විවාද අවසන් වීමෙන් පසු ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට දෙසැම්බර් 15 වනදා දක්වා කාලය ලබා දී ඇති අතර, ඉන් අනතුරුව අදාළ නියෝගය ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,421

Leave A Reply

Your email address will not be published. Required fields are marked *