විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිලිත් ජයවීර එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ලබන 23 වැනිදා

හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම ලබන 23 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය අද (19) නියෝග කළේය.​පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව පැවැති විරෝධතාවලදී මොවුන් පළ කළ අදහස් මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.​අද දින අභියාචනාධිකරණය හමුවේ මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව, විනිසුරු මඩුල්ල විසින් අදාළ පෙත්සම ලබන 23 වනදා නැවත කැඳවීමට තීරණය කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,386

Leave A Reply

Your email address will not be published. Required fields are marked *