සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාස 70 ක පමණ මදුරු කීට ඝණත්වය ශීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඉදිරියේදී ඩෙංගු රෝගය නැවතත් වසංගත තත්ත්වයකින් ව්යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව එහි වැඩබලන අධ්යක්ෂ වෛද්ය කපිල කන්නංගර මහතා පෙන්වා දෙයි.මේ වන විට දිවයිනේ සියලුම දිස්ත්රික්ක ආවරණය වන පරිදි මදුරු කීට සමීක්ෂණ ක්රියාත්මක කෙරේ. මීට පෙර පැවැති නිරිතදිග මෝසම් සමයේදී පවා ඩෙංගු ව්යාප්තිය පාලනය කර ගැනීමට මහජනතාවගෙන් ලැබුණු සහයෝගය අත්යවශ්ය වූ බව සෞඛ්ය අංශ මතක් කර සිටියි.එබැවින් තම නිවෙස් සහ පරිශ්ර අවට ජලය රැඳෙන ස්ථාන නිරන්තරයෙන් පරීක්ෂා කර මදුරුවන් බෝවන ස්ථාන කඩිනමින් විනාශ කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.



























