විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් අද එක්දින සංකේත වැඩවර්ජනයක්

​රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණදී ඇති ගැටලු කිහිපයකට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අද දිනයේ එක්දින දිවයින පුරා සංකේත වැඩවර්ජනයක නිරත වේ.​තම ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් දැක්වූ උදාසීන පිළිවෙතට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹි බව එම සම්මේලනය සඳහන් කරයි.​මෙම වර්ජනය හේතුවෙන් අද දිනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ඇතුළු පරිපාලන කටයුතුවලට බාධා එල්ල විය හැක.

What's your reaction?

Related Posts

1 of 1,402

Leave A Reply

Your email address will not be published. Required fields are marked *