ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වුණු තෙවන සහ අවසන් විස්සයි20 ක්රිකට් තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා නායකයා පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර, පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 168 ක් රැස් කළේය. පාකිස්ථානය වෙනුවෙන් සාහිබ්සාදා ෆර්හාන් පන්දු 45 කදී ලකුණු 76 ක් ද, අරෆාත් මින්හාස් නොදැවී ලකුණු 34 ක් ද ලබා ගත් අතර, ශ්රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් දසුන් ශානක කඩුලු 3 ක් හා එෂාන් මාලිංග කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වූහ.ලකුණු 169 ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 යි එක් පන්දුවක් තුළ කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 172 ක් ලබා ගනිමින් තරගය ජයග්රහණය කළේය. ශ්රී ලංකා පිල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 48 කදී නොදැවී ලකුණු 87 ක් රැස් කළ අතර, කමිඳු මෙන්ඩිස් පන්දු 27 කදී ලකුණු 40 ක් ලබා ගනිමින් ජයග්රහණයට මග පෑදීය.කෙසේ වෙතත්, තරග 5 කින් සමන්විත වූ මෙම පන්දුවාර විස්සයි20 තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.

























