සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන සහ අවසන් එක්දින ක්රිකට් තරගය අද (27) ලන්ඩන් නුවර ඕවල් (Oval) ක්රීඩාංගණයේදී ආරම්භ වේ. තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙස සම මට්ටමක පවතින බැවින් දෙපිළටම මෙම ජයග්රහණය අතිශයින් වැදගත් වේ.පළමු තරගය එංගලන්තය ජය ගත්තද, දෙවැනි තරගයෙන් ලකුණු 16 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. T20 තරගාවලිය පරාජය වූවත්, මෙම එක්දින තරගාවලියේ ජයග්රහණය තමන් සතු කර ගැනීම ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන අපේක්ෂාවයි.



























