ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන විස්සයි-විස්ස ක්රිකට් තරගය අද (17) දිනයේදී ආරම්භ වීමට නියමිතය. මෙම උණුසුම් තරගය කාඩිෆ් ක්රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ශ්රී ලංකා වේලාවෙන් රාත්රී 11.00 ට එය ආරම්භ වනු ඇත.තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව, තරගාවලියේ තවදුරටත් 1-0ක් ලෙස ඔවුන් පෙරමුණ ගෙන සිටින බැවින්, ශ්රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්රහණය කිරීම අතිශයින් තීරණාත්මක වනු ඇත.



























