“ශ්‍රී ලංකා ක්‍රිකට්” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය කථානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දෙන ලදී. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් හෝ අධිකරණය යෝජනා කළ සංශෝධන ඇතුළත් කිරීමෙන් පසු සරල බහුතරයකින් සම්මත කරගත හැකි බව තීරණය වී තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව යටතේ මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබූ අතර, එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව අධිකරණය නිරීක්ෂණය කර ඇත.කෙසේ වෙතත්, පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති සංශෝධන සිදු කිරීම මගින් එම ව්‍යවස්ථාමය ගැටලු මගහරවා ගනිමින් පනත සරල බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීමට හැකියාව පවතින බව එම තීරණයේ වැඩිදුරටත් සඳහන් වේ.



























