ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු නායක හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කර ඇත. ජාතික ක්‍රීඩා සංවර්ධන මධ්‍යස්ථානයේ (National High Performance Center) කටයුතු කරන ඔහු, ජාතික ක්‍රීඩකයන් සමඟින් සිය සේවය ලබා දීමට නියමිතය. ලෝක කුසලාන ජයග්‍රාහකයෙකු වන ඒ මහතා මීට පෙර ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසත්, ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා ජාතික කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කර ඇත. 1989 සිට 2003 දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළ හෂාන් තිලකරත්න මහතා ටෙස්ට් තරඟ 83කට සහ එක්දින තරඟ 200කට ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර ලකුණු 8,200කට අධික ප්‍රමාණයක් රැස් කර තිබේ. මෙම නව පත්වීම 2026 අගෝස්තු 20 වන දින සිට ක්‍රියාත්මක වන අතර, 2027 දෙසැම්බර් 31 දක්වා බලාත්මක වේ.



























