ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනය වන ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL), සිය 50 වැනි රන් ජුබිලි සංවත්සරය පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය. “The Legacy of Excellence in Computing” තේමාව යටතේ පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා එක්ව සිටියේය.උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, 1976 වසරේ සිට මේ දක්වා මේන්ෆ්‍රේම් යුගයේ සිට වර්තමාන කෘතිම බුද්ධි (AI) යුගය දක්වා තාක්ෂණික වෘත්තිකයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව හැඩගැස්වීමට CSSL ඉටුකළ සේවය අගය කළේය. තාක්ෂණික ක්ෂේත්රයේ වේගවත් දියුණුව හමුවේ නීති සම්පාදනයට මඟපෙන්වීම සඳහා රජයට ස්වාධීන වෘත්තීය උපදෙස් ලබාදීමෙහිලා CSSL වැනි ආයතනවල ඇති වැදගත්කම ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට වෘත්තීය දායකත්වය අඛණ්ඩව අවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.මෙම සැමරුම් උළෙලේදී CSSL ආයතනයේ 50 වැනි සංවත්සර විශේෂ සමරු ග්‍රන්ථය එළිදැක්වීම සහ ආයතනයේ නිල ජංගම යෙදවුම (cssl.lk App) දියත් කිරීම සිදු විය. එමෙන්ම, මෙරට පරිගණක ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් කැපවූ ආරම්භක සාමාජිකයින් 28 දෙනෙකු සහ හිටපු සභාපතිවරුන් 16 දෙනෙකු විශේෂ ඇගයීමට ලක් කරන ලදී. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ විද්වතුන් සහ තාක්ෂණික වෘත්තිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.























