ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයෙන් මූල්‍ය ආයතන 11කට දඩ

2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීම හේතුවෙන් මූල්‍ය ආයතන 11ක් වෙත ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් දඩ මුදල් පැනවීමට කටයුතු කර ඇත. මූල්‍ය මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ නියාමකයා ලෙස කටයුතු කරන මෙම ඒකකය සඳහන් කරන්නේ, 2025 ඔක්තෝබර් සහ 2026 මාර්තු අතර කාලසීමාව තුළ අනාවරණ වූ නීතිමය උල්ලංඝනය කිරීම් පදනම් කරගනිමින් රුපියල් මිලියන 14.6ක සමස්ත දඩ මුදලක් මෙම ආයතන මත පනවා ඇති බවයි. පරිපාලනමය දණ්ඩන ලෙස අය කරගත් මෙම සියලු මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කර ඇති බව මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,246

Leave A Reply

Your email address will not be published. Required fields are marked *