ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කෙරේ

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ තායිලන්තයේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය සරුන් චාරොන්සුවන් අතර බැංකොක් නුවරදී විශේෂ සාකක්ඡාවක් පවත්වා තිබේ. එහිදී දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වය එකඟතාව පළ කර ඇත.​විශේෂයෙන්ම සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා බලපත්‍ර නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කිරීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබේ. තවද, සංචාරක, වෙළඳ, ආයෝජන, අධ්‍යාපන සහ මුහුදු ආරක්ෂක අංශවල ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,334

Leave A Reply

Your email address will not be published. Required fields are marked *