රුමේෂ් තරංගගේ උපකරණවලට වන්දි ගෙවීමට තුර්කි ගුවන් සේවය එකඟ වෙයි

ලෝක ශූර ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලවලට ගුවන් ගමනකදී සිදුවූ හානිය වෙනුවෙන් යෝග්‍ය වන්දි මුදලක් පිරිනැමීමට තුර්කි ගුවන් සේවය (Turkish Airlines) එකඟතාව පළ කර තිබේ. වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කුගේ ප්‍රධානත්වයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරී පරිශ්‍රයේදී ඊයේ (15) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.​මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්, සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරීන් සහ තුර්කි ගුවන් සේවයේ නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ. එහිදී ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය පිළිබඳව තුර්කි ගුවන් සේවයේ නියෝජිතයන් සිය බලවත් කණගාටුව ද ප්‍රකාශ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,368

Leave A Reply

Your email address will not be published. Required fields are marked *