ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා පෙන්වා දෙන්නේ, පසුගිය ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ලක්ෂ්‍යමය උද්ධමනය 6.5% ක අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මැයි මාසයේදී මෙම අගය සටහන් වූයේ 5.4%ක් ලෙසිනි. ආහාර ද්‍රව්‍යවල මිල යම් ඉහළ යාමක් මෙයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත.ඒ අනුව, මැයි මාසයේ 1.5%ක් වූ ආහාර උද්ධමනය ජූනි මාසයේදී 3.3%ක් දක්වා වර්ධනය වී තිබේ. මීට අමතරව, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද මැයි මාසයේ පැවැති 8.6%ක මට්ටමේ සිට ජූනි මාසයේදී 9.3% දක්වා වැඩි වී ඇති බව දත්ත මගින් තහවුරු වේ.මෙම තත්ත්වයත් සමඟ ජාතික පාරිභෝගික මිල දර්ශකය මැයි මාසයේ 218ලේ සිට ජූනි මාසයේදී 222.3 දක්වා 1.6%කින් ඉහළ ගොස් ඇත. එමෙන්ම, ආහාර, බලශක්ති සහ ප්‍රවාහන මිල ගණන් බැහැර කොට ගණනය කෙරෙන මූලික උද්ධමනය ද ජූනි මාසයේදී 5.0%ක් ලෙස සටහන් වී තිබේ.























