ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායිකා මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරිණි

ප්‍රවීණ ශ්‍රී ලාංකීය ගායිකා මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. කෙටි කලක් රෝගාතුරව සිටි ඇය පසුගිය සිකුරාදා (10) කළුබෝවිල පිහිටි කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 68 වන වියේ පසුවිය. බටහිර ශෛලියේ ගායන විලාසය වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුලන මරියසෙල් ගුණතිලක මහත්මිය ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනාගත් ගායිකාවක ලෙස දිගු කලක් කලා ක්ෂේත්‍රයේ වැජඹුණාය. ඇය ගැයූ ‘කැන්ඩි ලමිස්සි’, ‘රහසයි සොඳුරු ජීවේ’, ‘සිහින නෙළුම් මල්’, ‘නෙළුම් මලේ පෙති කඩලා’, ‘කුමරණානේ’, ‘යෞවන සිහින ලෝකේ’ සහ ‘පහන් නොවන’ වැනි ජනප්‍රිය ගීත ඇතුළු බොහෝ ගීත නිර්මාණ අදටත් රසිකයන් අතර බෙහෙවින් ප්‍රචලිතය. මියගිය ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඇයගේ පවුලේ ඥාතීන්, සෙසු කලාකරුවන් සහ රසික රසිකාවියන් විශාල පිරිසක් එක්ව සිටි අතර, මෙරට වඩාත්ම ආදරය දිනූ සංගීත තාරකාවකට දේශයම අවසන් ගෞරවය පුද කළේය.

What's your reaction?

Related Posts

1 of 1,235

Leave A Reply

Your email address will not be published. Required fields are marked *