රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව දකුණු පළාත් මන්ත්‍රීවරුන් වෙත පුටු බෙදා දීමෙන් රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.සැකකාර හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අද (12) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය. මීට අමතරව, සැකකරුට අදාළව විදේශ ගමන් තහනමක් පැනවීමට ද අධිකරණය විසින් තවදුරටත් නියෝග කර ඇත.පළාත් සභා මැතිවරණ වකවානුව ආසන්නයේදී සිදු වූ බව කියන මෙම මූල්‍ය අක්‍රමිකතාවයට අදාළ නඩු කටයුත්ත ඉදිරි දිනකදී නැවත විභාගයට ගැනීමට නියමිතව තිබේ.

























