ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු ප්‍රමාදයකින් තොරව පිරවීම සඳහා වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා වෙත දැනුම් දෙන ලෙස ඉල්ලමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් තැබූ විශේෂ ලිපියක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත අද (12) දින නිල වශයෙන් භාර දී තිබේ. ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස කථානායකවරයා මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය කඩිනමින් යොමු කරවිය යුතු බව එම ලිපිය මඟින් පෙන්වා දී ඇත.අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය මෙන්ම එහි සමස්ත කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක පවත්වාගෙන යාම සඳහා මෙම පුරප්පාඩු කඩිනමින් පිරවීම අත්‍යවශ්‍ය කරුණක් බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙහිදී අවධාරණය කර සිටී. එබැවින් පවතින පුරප්පාඩු පිරවීමට මැදිහත් වීම තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට වහාම කටයුතු කරන ලෙස ද ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

























