ශිරන්ති රාජපක්ෂ නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ මස 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.​මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අල්ලස් කොමිසම සහ විත්ති පාර්ශවයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසිනි.​එදිනට ඇගේ වැඩිදුර වෛද්‍ය වාර්තා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, එම වාර්තා ලැබෙන තෙක් ඇප ලබාදීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,377

Leave A Reply

Your email address will not be published. Required fields are marked *