ශිරන්ති රාජපක්ෂ සහ රංජිත් සියඹලාපිටියට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

පෙර පැවැති “දැයට කිරුළ” වැඩසටහනට සමගාමීව සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (12) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම පැමිණිල්ල මඟින් චෝදනා කර ඇත්තේ අදාළ ව්‍යාපෘතියේ ඉසව් කළමනාකරණ සේවා සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදුකරමින් රාජ්‍ය අරමුදල් අයථා ලෙස පරිහරණය කර ඇති බවයි.​පැමිණිලිකරුවන් පෙන්වා දෙන පරිදි, මෙම ටෙන්ඩර් රීති උල්ලංඝනය කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය රුපියල් කෝටි 12කට අධික මුදලක් ද, එවකට අමාත්‍යවරයාව සිටි රංජිත් සියඹලාපිටිය මහතා රුපියල් කෝටි 8කට අධික මුදලක් ද වශයෙන් රාජ්‍ය ධනය වංචා කර ඇත. මහජන බදු මුදල් අවභාවිත කරමින් සිදුකර ඇති මෙම දූෂණ චෝදනා සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් ආරම්භ කරන ලෙස පැමිණිලි පාර්ශ්වය අල්ලස් කොමිසමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,185

Leave A Reply

Your email address will not be published. Required fields are marked *