සංවිධානාත්මක අපරාධකරුවන්ගේ රු. මිලියන 6,000ක දේපළ තහනම්: පලාගිය 66ක් යළි දිවයිනට

වත්මන් රජය බලයට පත්වූ 2024 සැප්තැම්බර් 21 වැනි දින සිට මේ දක්වා ගත වූ වසර දෙකක කාලය තුළ, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වී විදෙස්ගතව සිටි සැකකරුවන් 66 දෙනෙකු යළි දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ. අපරාධ මර්දන විමර්ශනවල ප්‍රගතියක් ලෙස මෙම පියවර ගැනුණු අතර, එම ජාලයන්ට එරෙහිව පුළුල් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.​මෙම කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන 113 ක් පාදක කරගනිමින්, රුපියල් මිලියන 6,000 කට අධික වටිනාකමකින් යුත් දේපළ තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර ඇත. ඉන් රුපියල් මිලියන 5,423 ක වත්කම් ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හිමි ඒවා වන අතර, තවත් රුපියල් මිලියන 209 ක දේපළ තොගයක් ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන්ට අයත් බවට තහවුරු කරගෙන තිබේ.​මීට අමතරව, පිරමීඩ මට්ටමේ මූල්‍ය වංචා, ළමා අපයෝජන සහ නීතිවිරෝධී පුපුරන ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ වැරදිවලට සම්බන්ධ වූ තවත් පුද්ගලයන් 8 දෙනෙකුගේ රුපියල් මිලියන 367 ක වත්කම් ද මෙම තහනම් කිරීම් යටතට ඇතුළත් වේ.

What's your reaction?

Related Posts

1 of 1,306

Leave A Reply

Your email address will not be published. Required fields are marked *