සංශෝධිත දූෂණ විරෝධී පනත බලාත්මක වෙයි

2026 අංක 25 දරන දූෂණ විරෝධී (සංෂෝධන) පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කර ඇත. ඒ අනුව අදාළ නව සංශෝධිත පනත නීතියක් ලෙස බලාත්මක වේ.​2023 අංක 9 දරන පනත ක්‍රියාත්මක කිරීමේදී මතු වූ නීතිමය, පරිපාලනමය හා තාක්ෂණික ගැටලු නිරාකරණය කිරීම මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණයි. අල්ලස් කොමිසමේ පරිපාලනය ශක්තිමත් කිරීම මෙන්ම, මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම විධිමත් කිරීමටද මින් ප්‍රතිපාදන සැලසේ.

What's your reaction?

Related Posts

1 of 1,386

Leave A Reply

Your email address will not be published. Required fields are marked *