සබරගමුව පළාත් රාජ්‍ය සේවයට නවක නිලධාරීහු පිරිසක් එක්වෙති

සබරගමුව පළාත් රාජ්‍ය සේවයේ විවිධ තනතුරු සඳහා තෝරාගත් නවක නිලධාරීන් නව දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම රත්නපුර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා (17) සිදු විය. පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.​පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් පවත්වන ලද තරග විභාගයක ප්‍රතිඵල මත මෙම පත්වීම් ලබා දී තිබේ. ඒ අනුව, සමාජ සේවා නිලධාරීන් එක් අයෙකු, සත්ත්ව සංවර්ධන උපදේශකවරුන් හය දෙනෙකු සහ තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (පුහුණු) තනතුරු සඳහා දෙදෙනෙකු මෙලෙස පත්වීම් ලැබූහ.​මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී හා ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් පුෂ්පකුමාර දිසානායක, ප්‍රධාන ලේකම් උපාලි ජයසේකර, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් සුජීවා බෝධිමාන්න ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,290

Leave A Reply

Your email address will not be published. Required fields are marked *