ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන දිමුතු චතුරංග නොහොත් ‘සමිත්පුර චතූ’ අද (18) උදෑසන ඕමානයේ සිට දිවයිනට ළඟා වී තිබේ. ඔහු විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ මෙරටට රැගෙන ඒමෙන් පසු අදාළ බලධාරීන් වෙත භාර දී ඇත.මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව මෙරට අපරාධ රැසකට සම්බන්ධ බවට බරපතළ චෝදනා එල්ල වී ඇත. නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වූ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සහ දිවයිනට රැගෙන ඒම සිදු කර තිබේ.



























