අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම රියදුරන් මෙන්ම මගීන් සඳහාද ආරක්ෂිත ආසන පටි පැළඳීම ලබන සැප්තැම්බර් 19 වන දින සිට දැඩි ලෙස අනිවාර්ය කර තිබේ. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පෙන්වා දෙන්නේ මීට පෙර අවස්ථා කිහිපයකදීම කල්දැමුණු මෙම නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බවයි.බත්තරමුල්ලේ පිහිටි මහාමාර්ග අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සභාපති මංජුල කුලරත්න මහතා මේ බව සඳහන් කළේය. පසුපස ආසනවල ආරක්ෂිත පටි නොමැති වාහන සඳහා මීට පෙර ලබාදුන් සහන කාලය ජුනි 10 වන දිනින් අවසන් වූ අතර, විවිධ පාර්ශ්වවල ඉල්ලීම මත එය සැප්තැම්බර් 19 දක්වා තාවකාලිකව දීර්ඝ කෙරිණි.ඒ අනුව, නියමිත දිනයෙන් පසු මෙම නීතිය කඩ කරන රියදුරන්ට මෙන්ම අදාළ මගීන්ටද එරෙහිව දඩ නියම කිරීමට කටයුතු යොදා ඇත. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ද්විවාර්ෂික මාර්ග ආරක්ෂක ක්‍රියාකාරී සැලැස්ම යටතේ මගී ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන හා පාලන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා සහ ජ්‍යෙෂ්ඨ විකලාංග වෛද්‍ය නරේන්ද්‍ර පිංතු ඇතුළු ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පිරිසක් ද එක්ව සිටියහ. රිය අනතුරු අවදානම අවම කර ගැනීම සඳහා සියලුම මගීන් මෙම නීතිය දැඩි ලෙස පිළිපැදීම අත්‍යවශ්‍ය වේ.



























