සැප්තැම්බර් 8 වන දින සිට 11 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනය කර තිබේ. පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු කාරක සභා රැස්වීමේදී මෙම සතියට අදාළ කාලසටහන තීරණය කර ඇත.ඒ අනුව, සැප්තැම්බර් 8 වන අගහරුවාදා දින මෝටර් වාහන පනත යටතේ නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍ර දෙකක් අනුමත කරවා ගැනීම සඳහා වන විවාදය පැවැත්වේ. ඊට අමතරව, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න, ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න මෙන්ම විපක්ෂය ගෙන එන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවද එදිනට විවාදයට ගැනීමට නියමිතය.සැප්තැම්බර් 9 වන බදාදා දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කර විවාදයට ගැනීමට නියමිතව ඇත. එදින උදෑසන කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න, වාචික පිළිතුරු ප්‍රශ්න සහ සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.



























