සැප්තැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් නැත

සැප්තැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ගණන් කිසිදු සංශෝධනයකට ලක් නොකරන බව සමාගම නිවේදනය කර තිබේ. ඒ අනුව, පසුගිය ජූලි මාසයේදී ක්‍රියාත්මක වූ මිල ගණන් යටතේම වත්මන් සිලින්ඩර් අලෙවි කටයුතු අඛණ්ඩව සිදු කෙරෙනු ඇත.​මීට පෙර සිදු කළ මිල සංශෝධනයට අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,965ක මිලකටත්, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 1,988ක මිලකටත් අලෙවි කෙරේ. එම අවස්ථාවේදී එම බර ප්‍රමාණයන් පිළිවෙළින් රුපියල් 1,280කින් සහ රුපියල් 512කින් පහළ දමනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 1,318

Leave A Reply

Your email address will not be published. Required fields are marked *