කිලිනොච්චිය නගර සීමාවේ පිහිටි වෙළඳසැල් මඟින් පාසල් සහ උපකාරක පන්ති සිසුන් ඉලක්ක කර ගනිමින් දුම්වැටි අලෙවි කරන බවට පොලිස් කොට්ඨාස බුද්ධි අංශයට තොරතුරු ලැබී තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ විශේෂ වැටලීමකදී වෙළඳසැල් හිමියන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වරදකරුවන් වූ එක් අයෙකුට රුපියල් 20,000 බැගින් දඩ නියම කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.මෙම නඩුවට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටි තවත් වෙළඳසැල් හිමියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති අතර, කිලිනොච්චිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.


























