සුරේෂ් සලේ වෛද්‍ය පරීක්ෂණයකට

පාස්කු ඉරු දින එල්ල වූ භීෂණකාරී ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අද (29) පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින ඒ මහතාව මෙලෙස වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇත්තේ රඳවා ගැනීමේ නියෝග මත සිදුකෙරෙන විමර්ශන කටයුතු වලට සමගාමීවය.​පසුගිය පෙබරවාරි 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරයට අදාළව අනාවරණය වී ඇති නව කරුණු සහ සාක්ෂි මත පදනම්වය. මේ වන විට රහස් පොලිස් භාරයේ පසුවන හිටපු බුද්ධි ප්‍රධානියාගෙන් අදාළ ප්‍රහාරයට පූර්වයෙන් සිදු වූ සිදුවීම් සහ ඒ පිටුපස ඇති සබඳතා පිළිබඳව දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් පවතින බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,118

Leave A Reply

Your email address will not be published. Required fields are marked *