සුරේෂ් සලේගේ නඩුව ජූලි 01 වනදා දක්වා කල් තැබේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතාට අදාළ නඩු විභාගය එළඹෙන ජූලි මස 01 වනදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේ එදින දක්වා ඔහුව රහස් පොලිස් රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන බවයි.​පසුගිය පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ හිටපු බුද්ධි ප්‍රධානියාගෙන්, මෙම විනාශකාරී ප්‍රහාරයේ සූත්‍රධාරීන් සහ ඊට සම්බන්ධ දේශපාලන පසුබිම පිළිබඳව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කෙරේ. ඒ අනුව, සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන වාර්තා ද සහිතව සැකකරුව ලබන ජූලි 01 වනදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,150

Leave A Reply

Your email address will not be published. Required fields are marked *