සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරුන්ට අධිකරණයෙන් නොතීසි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු, වෛද්‍යවරුන් 10 දෙනෙකුට ඔක්තෝබර් 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර ඇත.​සුරේෂ් සලේ ජාතික රෝහලේ රඳවා තැබිය යුතු බවට අදාළ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබූ කාල සීමාව මේ වන විට ඉක්මවා ගොස් තිබේ. ඒ හේතුවෙන්, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා මෙම නොතිසිය නිකුත් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,359

Leave A Reply

Your email address will not be published. Required fields are marked *