සෞඛ්‍ය අංශයේ පුරප්පාඩු පිරවීමට පියවර: හෙට නව පත්වීම් 228ක්

රටේ සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර (PHMA) නිලධාරීන් 228 දෙනෙකු සඳහා නව පත්වීම් ලබාදීම හෙට (ජූලි 16) සිදුකිරීමට නියමිතය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම උත්සවය පැවැත්වෙන අතර, මෙය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන මානව සම්පත් සංවර්ධන වැඩසටහනේ තවත් පියවරකි.​මීට අමතරව, සෞඛ්‍ය අංශයේ පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අමාත්‍යාංශය විසින් පුළුල් සැලැස්මක් ක්‍රියාවට නංවා ඇත. පසුගියදා බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායකයින් 627 දෙනෙකුට පත්වීම් ලබාදුන් අතර, ඉදිරියේදී සෞඛ්‍ය කාර්ය සහායකයින් (SKS) 1,362 දෙනෙකු සඳහා ජූලි 18 සහ අගෝස්තු 01 යන දිනවලදී පත්වීම් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.​මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විනිවිධ භාවයකින් යුතුව සිදුකරන බව අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින මානව සම්පත් හිඟයට ස්ථිර විසඳුමක් ලෙස, ඉදිරි සති දෙක තුළ ඩෙංගු මර්දන සහායකයින් 295 දෙනෙකු සහ සුළු සේවා පාලකයින් 121 දෙනෙකු සඳහා ද පත්වීම් ලබාදීමට කටයුතු යොදා ඇති අතර, ඒ හරහා රෝහල්වල රෝගී සත්කාරක සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,237

Leave A Reply

Your email address will not be published. Required fields are marked *