එක්සත් ජාතීන්ගේ සාමසාධක පොලිස් රාජකාරි වෙනුවෙන් හයිටි රාජ්‍යය වෙත යාමට නියමිත විශේෂ කාර්ය බලකායේ සහ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් 185 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට අවශ්‍ය උපදෙස් ලබා දීම සහ සුබපැතුම් එක් කිරීම ඊයේ (06) පස්වරුවේ සිදු විය. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී මෙම විශේෂ උත්සවය සංවිධානය කර තිබිණි.මෙම නිලධාරීන් කණ්ඩායම කණ්ඩායම් තුනක් යටතේ දිවයිනෙන් පිටත්වීමට නියමිත අතර, ඉන් දෙකක් මෙම මස තුළදීත් අනෙක නොවැම්බර් මාසයේදීත් ගමන් කරනු ඇත. මෙම පිරිසට විශේෂ කාර්ය බලකා නිලධාරීන් 174 දෙනෙකු සහ පොලිස් වෛද්‍ය කොට්ඨාසයේ වෛද්‍යවරුන් ඇතුළු සෙසු නිලධාරීන් 11 දෙනෙකු ඇතුළත් වන අතර, විවිධ තනතුරු නියෝජනය කරන පුළුල් නියෝජනයක් මීට අයත් වේ.

























