හික්කඩුව මුහුදු තීරයේ ගසාගෙන යමින් සිටි විදෙස් ජාතික යුවළක් බේරා ගැනේ

හික්කඩුව, නාරිගම මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි විදෙස් ජාතික යුවළක් බේරා ගෙන තිබෙනවා.

ඒ, හික්කඩුව පොලිස් ස්ථානයේ ජීවිතාරක්‍ෂක නිලධාරීන් කණ්ඩායමක් විසින්.

රුසියානු යුවළක් එලෙස බේරාගත් බවයි පොලීසිය පැවසුවේ.

ප්‍රථමාධාර ලබා ගැනීමෙන් අනතුරුව රුසියානු යුවළ එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,189

Leave A Reply

Your email address will not be published. Required fields are marked *