ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල බිල්පත්වල පවතින හිඟ මුදල් අයකර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ලබන සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව 2026 ජූලි 13 වනදා සිට 19 වනදා දක්වා කාලය විශේෂ ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම මෙහෙයුම කොළඹ 01 සිට 15 දක්වා කලාප, මහරගම සහ කෝට්ටේ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.කිසිදු බාධාවකින් තොරව ජල සැපයුම අඛණ්ඩව ලබා ගැනීම සඳහා, තමන්ට ගෙවීමට ඇති සියලුම හිඟ බිල්පත් පත් මුදල් 2026 ජූලි 13 දිනට පෙර ගෙවා නිම කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී. නියමිත දිනට පෙර හිඟ මුදල් පියවා තැබීමෙන්, ජල සැපයුම විසන්ධි වීම නිසා ඇති විය හැකි අනවශ්‍ය අපහසුතා මඟහරවා ගැනීමට හැකි වන බවද එම මණ්ඩලය වැඩිදුරටත් මතක් කර දෙයි.























