හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට එරෙහි නඩුව නොවැම්බර් මාසයට කල් තැබේ

අනවසර ලෙස බලපත්‍ර නොමැතිව රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියට අදාළ නඩුවක් කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය. එහිදී නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ සඳහා නොවැම්බර් මස 04 වැනි දින දක්වා කල් තැබීමට නියෝග කෙරුණි.​පසුගිය වසරේ මැයි මස 20 වැනි දින වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී මෙම ගිනි අවිය සොයාගෙන තිබූ අතර, ඊට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ කසකස්ථාන ජාතික අයිගුල් ෂෙරගාසිනා යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර ඇත.​අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර, විත්තියේ ප්‍රධාන නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් නඩුව මෙලෙස කල් තැබීමට සිදුවිය.

What's your reaction?

Related Posts

1 of 1,359

Leave A Reply

Your email address will not be published. Required fields are marked *