කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට බරපතළ වැඩ සහිත වසර 7ක සිරදඬුවමක් නියම කර තිබේ. අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව ගොනු කරන ලද දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මෙම නියෝගය ලබා දී ඇත.මෙම තීන්දුව ලබා දී ඇත්තේ අදාළ නඩුව විමර්ශනය කිරීමෙන් අනතුරුව මහාධිකරණය විසින් චෝදනාව ඔප්පු වීම හේතුවෙනි. ඒ අනුව, හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාට නියමිත සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට අධිකරණය නියෝග කර ඇත.

























