ශ්‍රේෂ්ඨාධිකරණයෙන් 22 වන සංශෝධන පෙත්සම් පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බලන ලෙස පෙත්සම්කරුවන් කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන ලදී.​එහිදී, අගවිනිසුරුවරයා නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත්, පෙත්සම් විභාගය දැනට පවතින විනිසුරු මඬුල්ල හමුවේම ඉදිරියට ගෙන යන බවත්ය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න සහ තවත් නීතිඥවරුන් පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාවට අනුව අධිකරණ බංකුවක සංයුතිය තීරණය කිරීමේ අභිමතානුසාරී බලය අගවිනිසුරුතුමාට පවතින බවයි. සියලු පාර්ශ්වයන්ගේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පංච පුද්ගල විනිසුරු මඬුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *