හිටපු පොලිස්පති දේශබන්දු ඇතුළු 8 දෙනෙකුට අධිචෝදනා

පසුගිය 2023 දෙසැම්බර් 31 වැනි දින වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වෙත සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකුට මාතර මහාධිකරණයේදී අද අධිචෝදනා භාරදෙන ලදී. මාතර ප්‍රධාන මහාධිකරණ විනිසුරු නන්දන අමරසේන මහතා ඉදිරියේ නඩුව කැඳවූ අතර, සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කරමින් නඩුව නොවැම්බර් 27 වැනි දිනට කල් තැබීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *